සිරුරට දැනෙන උෂ්ණාධික බව අවම කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද Kobe ප්‍රාන්තයේ සීතල බංකුව


අදික උශ්නත්වයට කොබේ ප්‍රාන්තය විසදුමක් ලබාදේ

.

ඍතුමය වෙනස්වීම් අනුව වාර්ෂිකව රට මුහුණ දෙන උෂ්ණාධික ගිම්හාන තාපය හමුවේ ශරීරය සිසිල්ව තබා ගැනීමට සහායක් ලබා ගැනීමේ අරමුණින් Kobe නගරයේ තාක්ෂණික විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් "Cool Bench" යනුවෙන් හැඳින්වෙන සීතල බංකුවක් අලුතින් නිර්මාණය කර ඇති අතර පසුගිය ජූලි 22 වන දින Chuo Ward හි JR Sannomiya දුම්රිය ස්ථානය ඉදිරිපිට භූමියේ සිදුකරන ලද ස්ථාපනයෙන් අනතුරුව එය වාණිජකරණය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

 

ආසන දෙකකින් යුක්ත වන මෙම බංකුව දිගින් මීටර් 1.8 ක් වන අතර විදුලි ධාරාවේ දිශාව අනුව තාපය අවශෝෂණය කරන හෝ මුදා හරින අර්ධ සන්නායක උපාංග සහිත තාප විදුලි මූලද්‍රව්‍ය මගින් තාපය සිසිල් කරනු ලැබේ. බංකුවේ පැත්තෙන් සවි කර තිබෙන බොත්තම එබීම මගින් ආසනයේ සිට පිටුපස ලෝහ සංරචකයට සිදුකෙරෙන තාප හුවමාරුව ආරම්භ වන අතර එමගින් ආසන ද්විත්වය විනාඩි පහක් පමණ සිසිල් කෙරේ. 

 

2020 වසරේදී සිසුන් විසින් මෙම බංකුව සංවර්ධනය කිරීම ආරම්භ කළ අතර, Kobe නාගරික රජය සමඟ සහයෝගයෙන් එය Higashi Yuenchi Park සහ Kobe Oji Zoo යන ස්ථානවලදී පරීක්ෂා කරන ලදී. ඔවුන්ගේ නව ව්‍යාපෘතිය පිළිබඳව Hiroshima හි පිහිටි උපකරණ ඉංජිනේරු සමාගමක් වන Chudenko Corp. සහ ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ අවධානය යොමුව ඇති අතර බංකුව තවදුරටත් වැඩිදියුණු කළ වාණිජ නිෂ්පාදනයක් ලෙස ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඔවුන් ඉදිරිපත් වී තිබේ .

153 Views

Comments