පිට පිට සිව්වන දිනටත් ටෝකියෝ නගරයෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 17631ක් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔමික්‍රොන් වෛරසය පැතිර යාම වඩා වේගවත් වී ඇති ටෝකියෝ නගරය තුලින් දිනෙන් දින රෝගීන් උපරිම සංඛ්‍යාවක් වාර්තා වීම මේ වන විට ටෝකියෝ සෞඛ්‍ය අංශ තුළ විශාල අර්බුදයක් නිර්මාණය කර තිබේ. අද දින වාර්තා වූ මෙම නව රෝගීන් සංඛ්‍යාව තුළ රෝගීන් 8284ක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය වීම විශේෂත්වයකි.