දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත වාර්ෂිකව ඇතුළත් කෙරෙන දරුවන් ප්‍රමාණය පහත වැටේ


ජපානයේ දිවා සුරකුම් මධ්‍යස්ථාන වලට ඇතුල් කරන ළමුන් ප්‍රමාණය අඩුවේ

.

රටේ මහ නගර සභා 60 කට අයත් මධ්‍යම රජයේ බලයලත් ළදරු පාසලේ සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල පොරොත්තු ලේඛන වලට අනුව පසුගිය වසර හා සසඳන විට මේ වසරේ වසන්ත සමයේදීත් අඛණ්‌ඩව පාසල් වෙත ඇතුළු කළ දරුවන්ගේ ප්‍රමාණය අඩකටත් වඩා අඩු බව පසුගියදා සිදුකරන ලද පුවත්පත්  සමීක්ෂණයක් මගින් පෙන්වා දී තිබේ. 

 

2020 වසන්තයේ දී 5000 ක්‌ ලෙස පොරොත්තු ලේඛනවල සටහන්ව තිබූ දරුවන් සංඛ්‍යාව 2021 වසන්තය වනවිට 1700 කින් සැලකිය යුතු ලෙස පහත වැටී තිබූ අතර 2022 වසන්තයේ දී එහි ළමුන් සංඛ්‍යාව 782 ක් දක්වා අතිශයින් අවම අගයකට පත්ව ඇති බව සදහන් වේ. 

 

මෙලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත ඇතුල් කෙරෙන දරුවන්ගේ ප්‍රමාණය පහත වැටීම සදහා රට තුළ වාර්ෂිකව අඩු වෙමින් පවතින ළදරු උපත් අනුපාතිකය මෙන්ම COVID-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් දිවා දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් දෙමාපියන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලුමේ අඩුවීමද හේතු විය හැකි බව පැවැසේ .

101 Views

Comments