ගිනිගෙන දැවී ගිය චීනයේ ඓතිහාසික ලී පාලම


චීනයේ ඓතිහාසික ලී පාලමක් ගිනිගෙන දැවේ

.

වසර 900 ක ඉතිහාසයකට උරුමකම් කියමින් ගිනිකොනදිග චීනයේ Fujian පළාතේ Pingnan ප්‍රාන්තයේ පිහිටා තිබූ Song රාජවංශයට අයත් යැයි සැලකෙන ලී පාලම පසුගිය සති අන්තයේ රාත්‍රී කාලයේදී ඇතිවූ ක්ෂණික ගින්නක් හේතුවෙන් ගිනි බත් වී ඇති බව වාර්තා වේ. 

 

සෙනසුරාදා රාත්‍රියේ ඇති වූ ගින්නේ වීඩියෝ පට සහ ඡායාරූපවලට අනුව Wan'an පාලමේ මුළු දිගම සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බව පෙනෙන්නට තිබූ අතර ගින්නෙන් කිසිඳු පුද්ගලයකුට තුවාල සිදුවී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

චීනයේ දිගම පාලම ලෙස සැලකෙන මෙය අඩි 323 ක දිගකින් යුක්ත වන අතර පාලම ආරක්ෂා කර ගැනීම සදහා ශතවර්ෂ ගණනාවක් පුරා නැවත නැවතත් සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවිය. කෙසේ නමුත් ගින්නට හේතුව සොයාබැලීම සඳහා බලධාරීන් විසින් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පැවැසේ.

138 Views

Comments