ලෝක ආහාර ශූරතාවලියට ප්‍රවේශපත්‍ර වෙන්කර ගත් ජපාන අවන්හල


ලෝක ආහාර ශූරතාවලියට ජපාන අවන්හලක් ප්‍රවේශපත්‍ර වෙන්කර ගනී

.

එළැඹෙන නොවැම්බර් මස Texas නගරයේ Dallas හිදී පැවැත්වීමට නියමිත ලෝක ආහාර ශූරතාවලියේ  බර්ගර් අංශයට තරඟ කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍රයක් වෙන්කරවා ගැනීම වෙනුවෙන් පැවැති පළමු සුදුසුකම් වටයෙන් ජයග්‍රහණය කිරීමට ජපානයේ Shogun බර්ගර් අවන්හල සමත් වී ඇති බව වාර්තා වේ. 

 

ජූලි 29 සිට 31 දක්වා Kanagawa ප්‍රාන්තයේ Yokosuka හි Saikaya දෙපාර්තමේන්තු ගබඩා සමාගමේ Yokosuka ශාඛාවේ පැවැති සුදුසුකම් ලැබීමේ මූලික තරඟ වටයේදී මිනිත්තු 90ක් තුළ බර්ගර් වර්ග පහක් සෑදීම සඳහා රට පුරා ව්‍යාප්ත සිටින සුප්‍රසිද්ධ හැම්බර්ගර් අවන්හල් 8ක් තරග වැදුණු අතර Shogan බර්ගර් එක "පාඨමාලාවේ ආහාර වේලක් වැනි" සහ "ජපන් ආහාරවල රසය අතිශයින් අඩංගු වී ඇති" යනුවෙන් පවසමින් විනිසුරු මඩුල්ල විසින් ඉහළ ප්‍රශංසාවට ලක් කර තිබේ. 

 

ටෝකියෝවේ ආහාර පාන උපදේශක සහ ස්වයං ප්‍රකාශිත "අසමසම හැම්බර්ගර් පෙම්වතිය" ලෙස හැඳින්වෙන 35 හැවිරිදි Teruyuki Nakajima විසින් ජපානය තුළ සුදුසුකම් ලැබීමේ තරඟයක් පැවැත්වීම සඳහා අවසර ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ සංවිධායකයින් සමඟ දුරකථනයෙන් සහ විද්‍යුත් තැපෑලෙන් සාකච්ඡා කළ අතර ඔහුගේ මුලපිරීම යථාර්ථයක් බවට පත් කර ගැනීමට සදහා දේශීය ආර්ථිකය නංවාලීමේ අරමුණින් යුතු Yokosuka නාගරික රජයේ සහ Saikaya දෙපාර්තමේන්තු ගබඩාවේ සහයෝගය නොමඳව හිමිවූ බව පැවැසේ.

Comments