ඓතිහාසික නියඟය හමුවේ අසීරුවෙන් දිවි ගෙවන ප්‍රංශ වැසියෝ


වසර ගණනකින් පැමිණි දරුණුතම නියගයකට ප්‍රංශ වැසියන් මුහුණ දේ

.

ජාතික කාලගුණ ඒජන්සිය වන Meteo France ට අනුව 1959 දී මිනුම් ආරම්භ කිරීමෙන් පසු රටේ සමස්ථ ඉතිහාසය පුරාවටම මෙතෙක් වාර්තා වූ දරුණුතම නියඟය මේ වනවිට ප්‍රංශයට දැඩිව බලපා ඇති අතර එය මෙම සති අන්තය මුළුල්ලේම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

 

සමස්තයක් වශයෙන්, ගත් කළ ප්‍රංශයේ දකුණු අර්ධය තුළ දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යන බවත් රාත්‍රි කාලයේදී එම අගය 20 C දක්වා පහළ යන බවත් පැවැසේ. 

 

සමිප පුද්ගලයන් 140 දෙනෙකු පමණ  අවදානම් සගත ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබූ අතර රටේ නැගෙනහිර කොටසේ Alps වලට සමීපව පිහිටා ඇති Chartreuse කඳුකරයේ ඇතිව තිබෙන ලැව් ගින්න පාලනය කිරීම සඳහා ඉහළ උෂ්ණත්ව මට්ටම විශාල බාධාවක් බවට පත්ව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

143 Views

Comments