සරණාගතයින් සඳහා වන ජපාන නීතිඥ ජාලයේ ලේකම් කාර්යාලයට අනුව ජපානය ප්රථම වරට තුර්කි කුර්දි ජාතිකයෙකු සරණාගතයෙකු ලෙස පිළිගෙන ඇත. සපෝරෝ ප්රාදේශීය ආගමන සේවා කාර්යාංශය 30 හැවිරිදි පුද්ගලයාට ජූලි 28 වන දින එම තත්ත්වය ලබා දුන්නේ ඔහු නැවත තුර්කියට ගියහොත් ඔහුට හිංසා පීඩාවලට ලක්වීමේ අවදානමක් ඇති බවට මැයි මාසයේදී අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් පසුවය.
කුර්දි ජාතිකයා අඟහරුවාදා ඔහුගේ නීතීඥයා වාර්තාකරුවන්ට කියවූ අදහස් දැක්වීමකදී පවසා සිටියේ මෙම දිගු සටනේදී ඔහුගේ මුළු ශක්තියම පාහේ අවසන් වූවාක් මෙන් ඔහුට දැනුනු බවයි.
මෙම තුර්කි ජාතිකයා 2014 දී ජපානයට ඇතුළු වී සරණාගත තත්ත්වය සඳහා ඉල්ලුම් කළ නමුත් 2018 දී එය ප්රතික්ෂේප වුන බවයි. ඔහු 2019 දී එම තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා නඩුවක් ගොනු කළ අතර අවසානයේ එය පහළ අධිකරණයක් විසින් නිෂ්ප්රභ කිරීමෙන් පසුව සපෝරෝ මහාධිකරණය විසින් ඔහුට පක්ෂව තීන්දුව දී ඇත.