Kanagawa ප්රාන්තයේ Yokohama ප්රදේශයේ Tsurumi Ward හි පිහිටි සිය නිවසේදී අඟහරුවාදා පෙරවරු 9.30 ට පමණ ඩිමෙන්ශියාව හේතුවෙන් රෝගාතුරව සිටි Kazue නම් 72 හැවිරිදි තම බිරිඳගේ ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවගේ සැමියා ලෙස සැලකෙන 75 හැවිරිදි Takshi Sakamoto නම් පුද්ගලයකු ප්රාදේශීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඝාතනයෙන් පසු 110 ඇමතූ Sakamoto විසින් බිරිඳ ඝාතනය කළ බවට පොලීසියට පවසා ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණෙන විටත්, බිම ඇද වැටී සිටි Kazue මියගොස් සිටි බව පැවැසේ.
"තම බිරිඳ රැකබලා ගැනීමෙන් තමන් ඉමහත් වෙහෙසකට පත්ව සිටි බවත් ඇය තවදුරටත් පෙර පරිදි තමන්ව හඳුනා නොගැනීම සහ තමන්ට සවන් නොදීම හේතුවෙන් තමන් දැඩි පිඩනයකට පත්ව සිටි බවත් එනිසා තම බිරිඳ ඝාතනය කළ බවත්" මරණයට හේතුව වශයෙන් ඔහු පොලීසියට පවසා තිබේ.