සුප්‍රසිද්ධ ටොයොටා සමාගම 2021 වසර තුළදී ලෝකයේ වැඩිම ආදායම් ඉපයූ රථ වාහන නිෂ්පාදකයා බවට පත් වී ඇති බව වාර්තා වේ. 2020 වසරේ දී ද මෙම වාර්තාවට හිමිකම් ලියන ලද්දේ ද ටොයෝටා සමාගම වීම විශේෂත්වයකි.
ටොයෝටා සමාගම මෙකී වාර්තාව තබා ඇත්තේ සුප්‍රසිද්ධ ජර්මානු වොක්ස්ව්ගන් රථ වාහන නිෂ්පාදන සමාගම අභිබවා යමිනි. ටොයෝටා සමාගමේ දත්ත වලට අනුව ඔවුන් විසින් පසුගිය වසර තුළදී රථ වාහන මිලියන 10.5ක් ලෝකය පුරා අලෙවි කර ඇති බව වාර්තා වේ. කොවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේ වුවද මෙම ජයග්‍රහණය වාර්තා කිරීම අගය කළ යුත්තක් බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.