අර්ධ සන්නායක නිෂ්පාදනය වෙනුවෙන් නව පියවරක් තැබූ එක්සත් ජනපදය


එක්සත් ජනපදය අර්ධ සන්නායක නිෂ්පාදනයට යොමුවේ

.

චීනය සමඟ තීව්‍ර වෙමින් පවතින තරඟකාරිත්වය මධ්‍යයේ කර්මාන්ත සදහා අත්‍යාවශ්‍ය වන තාක්‍ෂණික ද්‍රව්‍ය අඛණ්‌ඩව සපයා ගැනීමේ අරමුණින් අර්ධ සන්නායක නිෂ්පාදනය කිරීම මෙන්ම නව ව්‍යාපෘති සංවර්ධනය කිරිම වෙනුවෙන් ඩොලර් බිලියන 52.7 ක මුදලක් ආයෝජනය කෙරෙන නව පනත් කෙටුම්පතකට එක්සත් ජනපද ජනාධිපති Joe Biden අඟහරුවාදා අත්සන් කර තිබේ . 

 

COVID-19 වසංගතයේ ව්‍යාප්තිය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් අධි තාක්‍ෂණික සංරචක මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා පැවැති සැපයුම් දාම වල දුර්වලතා පැන නැගී ඇති අතර ගෝලීය ගැටුම් සහ ස්වාභාවික විපත් වැනි බාධා පවතින අවස්ථාවක වුවද අර්ධ සන්නායක වල ස්ථාවර සැපයුම අනිවාර්ය අංගයක් බවට පත්ව තිබීම මෙවැනි ආයෝජනයකට හේතුවූ බව පැවැසේ. 

 

මෙම තාක්‍ෂණය මුල් වරට අමෙරිකාවේදී සොයා ගත් නමුත් වර්තමානය වන විට සමස්ථ ප්‍රතිශතයෙන් 10 % පමණක් රට තුළ නිෂ්පාදනය කෙරේ. මෙම නව පනත පරම්පරාවකට වරක් ඇමරිකාව විසින් සිදු කරනු ලබන වැදගත් ආයෝජනයක් ලෙස හැඳින්වෙන අතර ජනපති Biden මෙහිදී කියා සිටියේ "සැලසුම්ගත ආයෝජනය මගින් ඉදිරි දශකවලදී එක්සත් ජනපදය 'නැවතත් ලෝකයට නායකත්වය දීමේ' තත්වයට පත් කිරීමට තමන් අදහස් කරන බවයි."

79 Views

Comments