US තානාපති කාර්යාලයට වෙඩි බෙහෙත් විසි කිරීමට තැත් කෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවට.


ඇමරිකානු තානාපති කාර්‍යාලයට වෙඩි බෙහෙත් විසික් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

.

අගෝස්තු 8 වෙනිදා ගෙදර හැදූ වෙඩි බෙහෙත් තමන් සන්තකයේ තබාගෙන ඒවා ජපාන අගනුවර පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට විසි කිරීමට තැනූ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

තානාපති කාර්යාලය අසල ආරක්ෂාවට සිටි කැරලි මර්දන ඒකකයේ නිලධාරියෙක් විසින් අගෝස්තු 8 වැනිදා රාත්‍රියේ ටෝකියෝවේ මිනාටෝ වාට්ටුවේ සංකීර්ණය ඉදිරිපිට සැක කටයුතු පුද්ගලයකුගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු ළඟ ගෙදර හැදූ වෙඩි බෙහෙත් ලෙස සැක කෙරෙන යමක් සොයා ගෙන ඇත.

 

ඔහු ඔසාකා ප්‍රාන්තයේ වෙසෙන 20 ගණන්වල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු බව එම සැකකාරයා පවසා ඇත. කැරලි මර්දන ඒකක නිලධාරියා ඔහුගෙන් ප්‍රශ්න කර රාත්‍රී 9 ට පමණ ඔහුගේ බඩු බාහිරාදිය පරීක්ෂා කළ විට ඔහුගේ සාක්කුවේ තිබූ වීදුරු බහාලුමක මෙම වෙඩි බෙහෙත් සොයාගෙන ඇත.

143 Views

Comments