ජපානයේ මාරාන්තික ගුවන් අනතුරේ 37 වන සංවත්සරය සමරයි.


ජපානයේ බිහිසුණු ජෙට් අනතුරේ තිස් හත් වන සංවත්සරය සමරයි

.

1985 ජපන් එයාර්ලයින්ස් ජම්බෝ ජෙට් අනතුරකින් පුද්ගලයින් 520 දෙනෙකු විපතට පත් වූ අතර ඔවුන් අතරින් මිය ගිය අයගේ පවුල් වල ඥාතීන් 37 වන සංවත්සරයට දිනකට පෙර එනම් අගෝස්තු 11 වන දින නැගෙනහිර ජපානයේ ගුන්මා ප්‍රාන්තයේ ගංගාවක් ලඟ එම උත්සවය සමරූහ. මිය ගිය පුද්ගලයින් අනුස්මරණ කිරීම සඳහා ඔවුන්ගේ ඥාතීන් අනුස්මරණ පහන් ගංඟාවේ පා කොට යැවූහ.

 

එදින සවස මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් සමන්විත කණ්ඩායමක් 1,565 ක ඔසුටකා කඳුවැටිය පාමුල ගලා බසින කන්නා ගං ඉවුරේ LED වලින් දල්වන ලද පහන් කූඩු 200 ක් පෙළගස්වා ඇත. ඔවුන් එම පහන් වලින් සමහරක් ගඟේ පා කර යවා ඇති අතර  මිය ගිය අයගේ ඥාතීන් ඔවුන් සියලු දෙනාම සිහිකොට යාච්ඤා කර ඇත.

108 Views

Comments