ආදේශක පෙර පාසල් සඳහා  රජයෙන් ආධාර


ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා  පසුගිය අඟහරුවාදා පැවසූ පරිදි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජපානයේ

.

ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා  පසුගිය අඟහරුවාදා පැවසූ පරිදි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජපානයේ පුරා පෙර පාසල් වසා දැමීමට සිදු වීම නිසා දරුවන් රැකබලා ගැනීමට ආදේශක පෙරපාසල්  පිහිටුවීමට මූල්‍යමය සහ වෙනත් ආධාර ලබාදීමට ජපාන රජය සූදානම් වෙයි.

 

රජය විසින් නිවේදනය කළ නව කොවිඩ්  නීති රෙගුලාසි යටතේ  ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ සමාජ සේවා මධ්‍යස්ථාන වලට  තමන්ගේ බලපත්‍රය අනුව අවසර ලැබී ඇති ළමුන්  ප්‍රමාණයට වඩා වැඩි ළමයි ප්‍රමාණයක් බාර ගැනීමට ද අවසර ලබාදීමට රජය සලකා බලන බව ආරංචි මාර්ග පවසයි.

148 Views

Comments