විදේශීය සේවකයන්ට ජපානය තුළ යහපත් පරිසරයක්


ජපාන කම්කරු අමාත්‍යාංශය නිකුත්කර ඇති වාර්තාව අනුව 2021 ඔක්තෝබර් මස වන විට ජපානය තුළ තුල සේවයේ

.

ජපාන කම්කරු අමාත්‍යාංශය නිකුත්කර ඇති වාර්තාව අනුව 2021 ඔක්තෝබර් මස වන විට ජපානය තුළ තුල සේවයේ නියුතු විදේශීය සේවකයන් වාර්තාගත ලෙස මිලියන 1.72ක් ලෙස දක්වා ඇත.

 

ජපාන සමාගම් වලින් ලබාදුන්  සේව්‍ය  වාර්තා අනුව මෙම දත්ත නිකුත් කර තිබේ. විදේශීය සේවකයන් ගණන මෙතරම් ඉහළ අගයක් ගත්තද ජපානයට විදේශිකයන්  ඇදී ඒමේ ප්‍රවණතාවය කොරෝනා වසංගතය හේතුවෙන් 0.2%කින් පහළ ගොස් ඇති බවද එම අමාත්‍යාංශය  නිවේදනය කර ඇත.

 

විදේශීය සේවකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වියට්නාම ජාතීන් වන අතර දෙවනියට සිටින්නේ චීන ජාතිකයන්ය.

 

කෙසේ වෙතත් ජපානය තුළ සේවය කරන සියලු විදේශිකයන්ට යහපත් පරිසරයක් සකසා දීමට එම අමාත්‍යංශය නිරන්තරයෙන් කටයුතු කරන බව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

 

 

277 Views

Comments