ගිනි නිවන භටයින් නිරිතදිග ප්‍රංශයේ ප්‍රධාන ලැව් ගින්නට එරෙහිව සටන් කරයි.


ප්‍රංශයේ ලැව් ගින්න තවදුරටත් පැතිරී යයි

.

නිරිතදිග ප්‍රංශයේ පයින් වනාන්තරයක විශාල ප්‍රදේශයක් ගින්නෙන් දැවී ගොස් ඇත. මෙම ලැව් ගින්න මැඩපැවැත්වීමට, බ්‍රහස්පතින්දා ගිනි නිවන භටයින් 1,000 වැඩි පිරිසක් දැඩි උත්සහයක් ගෙන ඇත. පසුගිය මාසයේද මෙම ප්‍රදේශය විශාල ලැව් ගින්නකින් විනාශ වී ඇත.

 

ප්‍රාදේශීය බලධාරීන් පැවසුවේ අනෙකුත් යුරෝපීය රටවල් මෙන්ම ප්‍රංශය ද උණුසුම් හා වියලි ග්‍රීෂ්ම සෘතුවකට මුහුණ දෙන බවයි. මෙම ගින්නෙන් ගිරොන්ඩේ ප්‍රදේශයේ සහ අසල්වැසි ලැන්ඩේස් ප්‍රදේශයේ අඟහරුවාදා සිට වර්ග කිලෝමීටර් 68 එනම් වර්ග සැතපුම් 26 කට වඩා ගිනිගෙන ඇති බවට වාර්තා වේ.

 

බ්‍රහස්පතින්දා කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කර ඇත. ගින්නෙන් පුද්ගලයන් 10,000 ක් පමණ ඉවත් කිරීමට සිදු වූ අතර අවම වශයෙන් නිවාස 16 ක් විනාශ වී ඇති බවට වාර්තා වේ.

101 Views

Comments