පුත්‍රයාට කෝප්පයකින් පහර දුන් පියා අත්අඩංගුවට


සැකකරු 43 හැවිරිදි පුද්ගලයෙකි.

.

අලුත් අවුරුදු නිවාඩුවට හෝටලයක නවාතැන් ගෙන සිටි තම පුතාට කෝප්පයකින් පහර දුන් බවට සැකපිට 43 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ඔහුගේ හිටපු බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් සිව්දෙනා සමග අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීමට සපෝරෝ සිට උරකාවා වෙත පැමිණ ඇත.

පසුව හෝටල් කාමරය තුළ අධික ලෙස මත්පැන් පානය කර ඇති මෙම පුද්ගලයා සිය හිටපු බිරිඳ සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇති අතර උසස් පෙළ ශිෂ්‍යයකු වන ඔහුගේ වැඩිමහල් පුතා ඊට මැදිහත් වීමට උත්සාහ කළ විට සැකකරු විසින් ඔහුට කෝප්පයකින් හිසට පහර දී ඇත.

 

70 Views

Comments