මුදල් සොරකම් කර පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


වෙලදසැලකින් මුදල් සොරකම් කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

.

පසුගිය ජූලි මාසයේදී Nagano ප්‍රාන්තයේ Iida ප්‍රදේශයේ පිහිටි FamilyMart නම්  වෙළඳසැලට පිවිස එහි සේවකයකුට පිහියක් පෙන්වා මරණීය තර්ජනය සිදු කර යෙන් 50,000ක් වටිනා මුදල් රැගෙන පලා ගිය බවට සැකකෙරෙන 49 හැවිරිදි Hideaki Takahashi නම් පුද්ගලයකු ප්‍රාදේශීය පොලිසිය විසින් අගෝස්තු 11 වන බ්‍රහස්පතින්දා දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

සමාගමේ සේවකයෙකු වන මෙම සැකකරු, ජූලි 24 වන දින අලුයම උදා වීමට මොහොතකට පෙර වෙළඳසැළට ඇතුළු වී ඇති අතර ගබඩාවේ සවි කර තිබූ නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සැකකරු හදුනාගැනීමට හැකිවී තිබේ. 

 

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු විසින් ප්‍රශ්න කිරීම් වලදී තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිගත් බවත්, ඔහු මීට වසර තුනකට පෙර එම ප්‍රදේශයේම සිදු වූ වෙනත් වෙළඳසැලක් කොල්ලකා පලා ගිය සැකකරු හා සමාන බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බවත් පොලිසිය මෙහිදී සදහන් කළේය .

111 Views

Comments