සීග්‍රයෙන් ඉහළ යමින් පවතින භාණ්ඩ පිරිවැය අවම කිරීමට සහ Yen හි අගය ශක්තිමත් කිරීමට ජපාන රජය විසින් දරනු ලබන දැඩි පරිශ්රමය හමුවේ වුවත් , ඉදිරි මාස 12 ක කාලය තුළදී රටේ ආර්ථිකය තවදුරටත් මන්දගාමී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවට වර්තමානයේදී රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන සමාගම්වලින් 42% පමණ අදහස් පළ කල බව පසුගිය කාලය පුරා පැවැති ප්රවෘත්ති සමීක්ෂණයක දත්ත පදනම් කර ගනිමින් බ්‍රහස්පතින්දා දින පෙන්වා දී තිබේ .
Toyota Motor Corp. සහ SoftBank Group Corp. ඇතුළු සමාගම් 114 ක් යොදා ගනිමින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේදී වසර ආරම්භයේදී 12 % මට්ටමක පැවැති රටේ ආර්ථික දැක්ම වඩ වඩාත් අශුභවාදී වෙමින් පවතින බව හෙළි වූ අතර රටේ ආර්ථිකය ප්‍රසාරණය වී තත්ත්වය යහපත් වනු ඇතැයි විශ්වාස කරන සමාගම් සංඛ්‍යාව පෙර වසරේ පැවැති 90% සිට 55% දක්වා පහත වැටී තිබේ. කෙසේ නමුත් පශ්චාත් COVID-19 වසංගතයෙන් අනතුරුව මෙම අර්බුදකාරී ස්වභාවය යථා තත්ත්වයට පත්වනු ඇති බවට බොහෝ දෙනෙකු අදහස් පළ කර ඇති බව සඳහන් වේ.
රටවල් තම ආර්ථිකයන් යලි ආරම්භ කිරීමට උත්සාහ කරමින් සිටින මොහොතක රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ශක්තිමත් ගෝලීය ඉල්ලුමක් පැවැතියද බොරතෙල් සහ භාණ්ඩ මිල ඓතිහාසික ලෙස ඉහලම මට්ටමකට නැගීම මෙන්ම ඒ හේතුවෙන් සැපයුම් දාම සීමාවන් තවදුරටත් උග්‍ර වීම සිදුවිය . එමෙන්ම එක්සත් ජනපද ඩොලරයට සහ අනෙකුත් ප්‍රධාන මුදල් වලට සාපේක්ෂව Yen හි අගය අවප්‍රමාණ වීම ද රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති බවට විශේෂඥයින් මෙහිදී අදහස් පළ කර තිබේ.