බීජින් ශීත ඍතු ක්‍රීඩා සඳහා සූදානම් වීම, එම උලෙල ආරම්භ කිරීමට මාසයකට පෙර සිට එරට පාලක මණ්ඩලය සූදානම් වෙයි.


බීජිං ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට මාසයකට පෙර සිට එරට පාලක මණ්ඩලය ක්‍රීඩා උලෙල ??

.

ක්‍රීඩා උළෙල සඳහා අවසාන සූදානම සහ පරීක්‍ෂණ සිදුවෙමින් පවතින බැවින් දැඩි ආසාදන පාලන පියවර බීජිං හි ක්‍රියාත්මක වේ. කුරුළු කූඩුව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බීජිං ජාතික ක්‍රීඩාංගනයේ ව්‍යුහයේ බාහිර පෙනුම විවිධ වර්ණවලින් ආලෝකමත් කිරීම සඳහා සෑම දිනකම ආලෝක පරීක්ෂණ පවත්වනු ලැබේ. ක්‍රීඩාංගනය චීන අගනුවර ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන නමුත් ආරක්ෂක හේතූන් සහ ආසාදන පාලන ක්‍රියාමාර්ග මත නොවැම්බර් අග සිට ගොඩනැගිල්ල මහජනතාවට වසා ඇති බැවින් එම ප්‍රදේශයේ සිටියේ කිහිප දෙනෙකු පමණි. සමාරම්භක සහ සමාප්ති උත්සව එම ක්‍ර්‍රිඩාංගනයේ පැවැත්වේ. පසුගිය ගිම්හානයේදී ටෝකියෝ ක්‍රීඩා උළෙලට සමානව, බීජිං ක්‍රීඩා වලට සහභාගිවන්නන් සහ මහජනයා අතර සම්බන්ධතා වළක්වා ගැනීම සඳහා බුබුලු පද්ධතිය ක්‍රියාත්මක කරයි. එන්නත් ලබා නොගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය බීජිං වෙත පැමිණීමෙන් පසු දින 21 ක් හුදකලා කිරීමට අවශ්‍ය වන අතර එය ටෝකියෝව ක්‍රියාත්මක නොකළ පියවරකි.

304 Views

Comments