ජාතියේ වැදගත් සංස්කෘතික දේපලක් ලෙස නම් කළ Hoheikan ගොඩනැගිල්ල


ජපානයේ වැදගත් සංස්කෘතික උරුමයක් ලෙස Hoheikan ගොඩනැගිල්ල සැලකේ

.

උතුරු ජපානයේ Sapporo ප්‍රාන්තයේ Chuo Ward හි Nakajima උද්‍යානයේ පිහිටා ඇති, ග්‍රීෂ්ම ඍතුවේ මුල් භාගයේදී සුදු සහ නිල් වශයෙන් වර්ණාලේපිත කරන ලද පැහැයේ වෙනස මනාව කැපී පෙනෙන, ඓතිහාසික වටිනාකමක් සහිත Hoheikan ගොඩනැගිල්ල වර්ෂ 1880 දී Hokkaido හි සංවර්ධන කොමිෂන් සභාව විසින් බටහිර පන්නයේ හෝටලයක් ලෙස මුල් වරට ඉදිකළ අතර මෙම ලී දෙමහල් ව්‍යුහයේ සැලසුම එක්සත් ජනපද වාස්තුවිද්‍යාත්මක ශෛලියට අනුව නිර්මාණය කර ඇති බව පැවැසේ. 

 

ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම් කුළුණු සහ බැල්කනියේ සැලසුම යුරෝපීය සාම්ප්‍රදායට අයත් වන අතර වහලය සහ සිවිලිම අලංකාර කිරීම සඳහා ජපන් ශිල්පීය ක්‍රම භාවිතා කර ඇත . ජනෙල් රාමු සහ එහි කොන දීප්තිමත් නිල් පැහැයෙන් වර්ණාලේප කර ඇති අතර, සංවර්ධන කොමිෂන් සභාවේ ධජය සඳහා භාවිතා කරනු ලබන පස් කොන් රතු තරුවක් ගොඩනැගිල්ලේ වහලයට යොදා තිබේ. 

 

මෙහි භූමිකම්පා ප්‍රතිරෝධී වැඩකටයුතු මෙන්ම බාහිර බිත්ති නැවත පින්තාරු කිරීමේ සහ කාමර සැකැස්ම මුල් සැලසුමට වෙනස් කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු 2012 දී ආරම්භ වූ අතර වසර හතරකට පසුව අවසන් කෙරිණි. මෙම රාජකීය ව්‍යුහය සෑම මසකම දෙවන අඟහරුවාදා දින හැර අනෙක් සෑම දිනකම උදෑසන 9 සිට සන්ධ්‍යාවේ 5 දක්වා නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතී.

Comments