බිරිඳ සහ දරුවන් දෙදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් මධ්‍යම ජපානයේ පුද්ගලයෙක් අත්අඩංගුවට.


සිය බිරිඳ හා දරුවන් දරුවන් ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි

.

42 හැවිරිදි පුද්ගලයෙකු සෙනසුරාදා මධ්‍යම ජපානයේ Aichi ප්‍රාන්තයේ පොලිසිය විසින් ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ මෙම සතිය මුලදී ඔහුගේ බිරිඳගේ හා දරුවන් දෙදෙනාගේ සිරුරු සොයාගැනීමෙන් පසුවය.

 

මළ සිරුරු සොයාගත් දා සිට අතුරුදන්ව සිටි ඩයිසුකේ ටනාකා සෙනසුරාදා උදෑසන ඥාතීන් ද කැටුව පොලිසියට පැමිණ ඇත. ඔහුගේ බිරිඳ වන 42 හැවිරිදි ටොමොකෝ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිටි නමුත් ඔහු තම දියණිය වන 9 හැවිරිදි චියු සහ 6 හැවිරිදි ඔහුගේ පුත්‍රයා ටෝරා ද ඝාතනය කර ඇති බවට පරීක්ෂකයෝ පවසා ඇත.

 

විමර්ශකයන්ට අනුව ආරවුලකින් පසු කෝපයෙන් ටොමොකෝ මරා දැමූ බව සැකකරු පිළිගෙන ඇත. ඇය සහ එක් දරුවෙක් හුස්ම හිර කිරීමෙන් හා අනෙක් දරුවාට පිහියෙන් ඇන ඝාතනය කර ඇත. 

දරුවන් දෙදෙනාගේ මළ සිරුරු දුම්රිය කරත්තයක තිබී හමූ වූ අතර ඔවුන්ගේ මවගේ සිරුර මධ්‍යම ප්‍රාන්තයේ ෆුසෝ හි ඔවුන්ගේ නිවසේ තිබීයදී සොයාගෙන ඇත.

188 Views

Comments