ජපාන රජය ආහාර, ගොවිපල සහ සමුද්‍ර නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇත. මෙම ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට නිලධාරීන් එකඟ වී ඇත. ඒ රජයේ නිලධාරීන් විසින් බදාදා දිනයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී තිබූ රැස්වීමකදීය.
ජපාන ප්‍රධාන කැබිනට් ලේකම්, Matsuno Hirokazu ඇමතිවරුන්ට පවසා සිටියේ දුර්වල යෙන් අපනයන හැකියාව පුළුල් කර ඇති බැවින් ජපානයේ ඉපැයීම් බලය උපරිම කිරීමට රජයට අවශ්‍ය බවයි.
කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යාංශය එවැනි නිෂ්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින අතර මේ මස අගදී සම්පාදනය කිරීමට නියමිත රජයේ නව විස්තීරණ ආර්ථික පැකේජයට ඒවා ඇතුළත් කිරීම අමාත්‍යාංශ නිලධාරීන් අරමුණු කර ඇත.