ජපාන තානාපති කාර්යාලය පිලිපීනයේ යුද අනුස්මරණ සේවාවක් පවත්වයි.


ජපානයේ පිලිපීන යුද විරුවන් අනුස්මරණය කරයි

.

දෙවන ලෝක යුධ සමයේදී පිලිපීනයේ මියගිය පුද්ගලයින්ට ශෝකය පළ කිරීම සඳහා මැනිලා අසල සුසාන භූමියක අනුස්මරණ උත්සවයක් පවත්වා ඇත. ජපානයේ මිලියන භාගයක් පමණ සහ පිලිපීන ජාතිකයන් මිලියනයක් පමණ දෙවන ලෝක යුද්ධය සමයේ මිය ගොස් ඇති බවට වාර්තා වේ.

 

ජපානය යුද්ධයේ අවසානය සනිටුහන් කරන සඳුදා දින ජපාන තානාපති කාර්යාලය වාර්ෂික උත්සවය සංවිධානය කර ඇත. එරට සිටින ජපන් විදේශිකයින් ඇතුළු 180 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර ස්මාරකයක් අබියස මොහොතක් නිශ්ශබ්දව සිටි ඔවුහු පුෂපෝපහාර දක්ව ඇත.

 

පිලිපීනයේ ජපාන තානාපති Koshikawa Kazuhiko පැවසුවේ නැවත කිසි දිනෙක යුද්ධයකට නොයන බවට දුන් පොරොන්දුව ඉටු කරමින් ජපානය පිලිපීනයේ විශ්වාසය දිනාගෙන ඇති බවයි

Comments