27 හැවිරිදි පුද්ගලයෙකු තම පියා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගනී


පියා මරාදැමූ පුතා අත්අඩංගුවට පත්වේ

.

හොකයිඩෝ ප්‍රාන්තයේ ෆුකගාවා ප්‍රදේශයේ පොලිසිය විසින් 27 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු 61 හැවිරිදි පියා තම නිවසේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසියට අනුව සිකුරාදා අලුයම 12:50 ට පමණ මසාෂි කුඩෝ තම පියා වන ටකාටෝෂිගේ පපුවට පිහියකින් කිහිප වතාවක් ඇන ඇති බව පිළිගෙන ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයෙන් පසු කුඩෝ 119 අමතා කියා සිටියේ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තම පියාට පිහියෙන් ඇන ඇති බවයි.

 

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. පොලිසිය පැවසුවේ කුඩෝ සහ ඔහුගේ පියා තනිව ජීවත් වූ බවයි.

79 Views

Comments