රෝහලක් සොයා ගැනීම වෙනුවෙන් අරගලයේ යෙදෙන ජපාන ගිලන්රථ


රෝගීන් යොමු කිරීමට රෝහලක් සොයා ගත නොහැකිව ජපානයේ ගිලන්රථ අපහසුතාවයට පත් වේ

.

COVID-19 වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියෙන් ගොඩ ඒම සඳහා රට සහ සෞඛ්‍ය අංශ පොරබදමින් සිටින මොහාතක පසුගිය ඉරිදා දක්වා වූ සතිය තුළ වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව පෙර සතියට සාපේක්ෂව 2%  කින් 6747 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් අසාධ්‍ය රෝගීන් ඇතුළත් කිරීම සඳහා රෝහලක් සොයා ගැනීමට අරගල කරන ගිලන්රථ සංඛ්‍යාවද වාර්තාගත ලෙස ඉහළ ගොස්‌ ඇති බව රජයේ දත්ත වාර්තා අඟහරුවාදා පෙන්වා දී තිබේ.

 

ගිනි හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, අගෝස්තු 8 සිට 14 දක්වා වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාවෙන් 2836 දෙනෙකු ශ්වසන අපහසුතා ඇති රෝගීන් ලෙස හදුනාගෙන ඇති අතර ගිලන්රථ කාර්ය මණ්ඩලය විසින් රෝගීන් ඇතුළත් කිරීම සඳහා ඉඩ පහසුකම් සහිත රෝහල් ඉල්ලා සිටි හදිසි අවස්ථා හතරක් ඒ අතර විය. 

 

ප්‍රාන්ත අගනුවර ඇතුළුව රට පුරා පිහිටි ගිනි නිවන දෙපාර්තමේන්තු 52 කින් වාර්තා වන දත්ත වලට අනුව මෙවැනි සිදුවීම් සංඛ්‍යාව අඛණ්ඩව සති අටක් තිස්සේ ඉහළ යමින් පවතින බවත් ගිලන් රථ කාර්ය මණ්ඩලය පැමිණි මොහොතේ සිට රෝගියා ආසන්නතම රෝහලකට ප්‍රවාහනය කිරීම දක්වා වූ මිනිත්තු 30 ක කාලය තුළ හැකි විගස අසාධ්‍ය රෝගියා රෝහල් ගත කිරීම සඳහා කටයුතු සලසා දීම අත්‍යවශ්‍ය වන බවත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී අවධාරණය කළහ.

Comments