COVID-19 වෛරසය සඳහා ගොදුරු වූ ජනාධිපති ආර්යාව


එක්සත් ජනපද ජනාධිපති ආර්යාව කොවිඩ් ආසාදනය වෙයි

.

එක්සත් ජනපදයේ ජනාධිපති Joe Biden COVID-19 වෛරස අසාදනයෙන් බොහෝ දුරට සුවය ලැබීමත් සමග ජනාධිපති ආර්යා Jill biden වෛරසය සදහා ධනාත්මක බවට තහවුරු වී ඇති බව ධවල මන්දිරය විසින් අඟහරුවාදා නිවේදනය කර තිබේ.    

 

අගෝස්තු 10 දින සිට දකුණු කැරොලිනාවේ නිවාඩුවක් සදහා පිටත්ව ගොස් සිටින 71 හැවිරිදි ජනාධිපති ආර්යාව පසුගිය සඳුදා සිට රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගෙන ඇති අතර ඇය Pfizer COVID-19 එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන සිටි බව පැවැසේ. මේ වනවිට ඇයට Paxlovid නම් ප්‍රතිවෛරස් ඖෂධය නියම කර ඇති බවත් අවම වශයෙන් දින පහක් පමණ දකුණු කැරොලිනාවේ පිහිටා ඇති ඇයගේ පෞද්ගලික  නිවාඩු නිකේතනය තුළ හුදකලා වනු ඇති බවත් වාර්තා වේ .

 

"ජනාධිපති ආර්යාවගේ සමීප සම්බන්ධතා සියල්ලක්‌ම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇත. අඛණ්ඩව සෘණාත්මක COVID-19 ප්‍රතිඵල දෙකක් තහවුරු විමෙන් පසුව ඇය නැවතත් සිය නිවසට පැමිණෙනු ඇත " යනුවෙන් ඇගේ සන්නිවේදන අධ්‍යක්ෂිකා Elizabeth Alexander මෙහිදී කියා සිටියාය.

84 Views

Comments