ජපානයට නැවතත් තද වැසි, නාය යෑම් සහ ගංවතුර අවදානමක්.


ජපානයේ වැසිබර කාලගුණය තවදුරටත් ක්‍රියාත්මක වේ

.

ජපානයේ සමහර ප්‍රදේශවලට බ්‍රහස්පතින්දා දක්වා තද වැසි ඇද හැලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, උතුරේ සහ බටහිර වෙරළබඩ ප්‍රදේශ නායයෑම් සහ ගංවතුර අවදානමට ලක්ව ඇති බව එරට කාලගුණ ඒජන්සිය පවසා ඇත.

 

මෙම අඩු පීඩන පද්ධතිය ජපාන මුහුදට මුහුණලා ඇති ප්‍රදේශ වල දකුණට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බැවින් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ඒජන්සිය අකුණු සහ ටොනේඩෝවලට තුඩු දිය හැකි අධික අස්ථායී වායුගෝලීය තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවා ඇත.

 

බදාදා උදෑසන දක්වා වූ පැය 24හි Hokuriku කලාපයට 200 mm, Tohoku හි 180 mm, Hokkaido හි 150 mm සහ Kinki, Chhugoku සහ උතුරු Kyushu ප්‍රදේශවලට 120 mm වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

Comments