යෞවනයන් විසින් මෙහෙයවනු ලබන මධ්‍යම ජපානයේ ස්මාර්ට්ෆෝන් පන්තිය


ජපාන වැඩිහිටියන්ට ස්මාර්ට් ජංගම දුරකථන පිළිබඳව පාඨමාලාවක් ක්‍රියාත්මක වේ

.

Mie ප්‍රාන්තයේ Ujiyamada Commercial උසස් පාසලේ තොරතුරු සැකසුම් අංශයේ ඉගෙනුම ලබන තුන්වන වසරේ සිසුන් කණ්ඩායමක් විසින් Ise නගරයේ පිහිටා ඇති ජීවිතකාලීන ඉගෙනුම් මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් ස්මාර්ට්ෆෝන් පිළිබඳ මූලික කරුණු උගන්වන පාඩම් මාලාවක් නොමිලේ දියත් කිරීම ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ පන්තිවලට සම්බන්ධ වී දැනුම ලබා ගැනීම සඳහා කැමැත්තෙන් සිටින වැඩිහිටි පුද්ගලයින්ගේ අයදුම්පත් රාශියක් මේ වනවිටත් නාගරික රජය වෙත ලැබී ඇති බව වාර්තා වේ .

 

වයස අවුරුදු 70 හෝ ඊට වැඩි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ අරමුණ අනුව එළැඹෙන අගෝස්තු 25 වැනි දින සිට ඔවුන්ව කුඩා  කණ්ඩායම් වලට බෙදනු ලැබේ. Ise නාගරික අධ්‍යාපන මණ්ඩලය විසින් Ujiyamada සමාජයීය උසස් පාසල සමඟ සහයෝගයෙන් සංවිධානය කරනු ලබන ඉගෙනුම් පන්ති උදෑසන සහ සවස් වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර විනෝද වෙමින් හා මුණුබුරන්ගේ පරම්පරාව විසින්   ලබාදෙන දැනුම උපයෝගී කර ගනිමින්  ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නේ කෙසේදැයි ඔවුන් ඉගෙන ගනු ඇති බවට සංවිධායකයින් අපේක්ෂා කරනු ලබයි. 

 

සෑම පන්තියකම පුද්ගලයින් 20 දෙනෙකු සදහා අවස්ථාව හිමිවන අතර දැනටමත් එහි ආසන සියල්ල සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති බව සදහන් වේ.  "ස්මාර්ට්ෆෝන් පන්ති සඳහා විශාල ඉල්ලුමක් සහ විශාල ප්‍රතිචාරයක් ලැබීමෙන් අප මවිතයට පත් විය. පන්ති එකම ඉසව්වක් බවට පත් කරනවා වෙනුවට, ඉලක්කගත වයස් සීමාව අඩු කර පාසල සමඟ සහයෝගයෙන් සියලු දෙනා හට අවස්ථා ලබා දීමට අපි කැමැත්තෙමු " යනුවෙන් වැඩසටහන භාර අධ්‍යාපන මණ්ඩලයේ සමාජ අධ්‍යාපන අංශයේ නිලධාරියෙකු මෙහිදී අදහස් දක්‌වමින් පැවැසීය. 

 

මෙහිදී සහභාගිවන්නන් හට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ආකාරය, ඇමතුමකට පිළිතුරු දෙන ආකාරය, වෙනත් පුද්ගලයින්ට ඊමේල් සහ කෙටි පණිවිඩ යවන හා ලබා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම දුරකථනය ඔස්සේ සිදුවන වංචාව වලට ගොදුරු වීමෙන් වළකින්නේ කෙසේද යන්න පිලිබදව මූලික අවබෝධයක් ලබා දීම සිදුකෙරේ.

 

100 Views

Comments