සුප්‍රකට ජපන් මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ  Hanae Mori අභාවප්‍රාප්ත වෙයි


Hanae Mori අභාවප්‍රාප්ත වෙයි

.

"නැගෙනහිරය හමුවන බටහිරය" තේමා කරගත් නිර්මාණ වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රසාදය හිමිකරගත් 96 හැවිරිදි පුරෝගාමී ජපන් මෝස්තර නිරූපිකාවක් වන Hanae Mori අගෝස්තු 11 වෙනි දින අගනුවර පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ කාර්යාලය පසුගියදා නිවේදනය කළේය. 

 

ඇගේ අතින් නිමවන ලද සමනල මෝස්තර වර්ගයට අයත් ප්‍රසිද්ධ විලාසිතා නවෝත්පාදනය හේතුවෙන් ඇය වර්ෂ 1977 දී පැරීසියේ නිල "Haute Couture" නිර්මාණකරුවෙකු ලෙස ලැයිස්තුගත කළ අතර එලෙස නම් කරන ලද පළමු ජපන් ජාතිකයා බවට පත්වීමේ ගෞරවය හිමි කර ගැනීමට ද ඇය සමත් වූවාය . වර්ෂ 2004 දී තම ක්ෂේත්‍රයෙන් විශ්‍රාම යන තුරුම දශක ගණනාවක් මුළුල්ලේ ජපානය පුරා සහ විදේශයන්හිදී ඇගේ එකතු කිරීම් ඉදිරිපත් කිරීම සිදු කළාය.

 

1993 කාලයේදී ජපන් අධිරාජිනිය ලෙස කටයුතු කළ Masako වෙනුවෙන් මංගල පෙරහැරකට ඇඳීම සදහා සුදුසු වන පරිදි සුදු පැහැයෙන් යුතු ගවුමක් නිර්මාණය කිරීම Mori ගේ වෘත්තීය ජීවිතයේ හමුවන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වන අතර තම හැකියාව ප්‍රදර්ශනය කරමින් 1950 කාලයේදී ජපන් චිත්‍රපට සිය ගණනක් සඳහා ඇඳුම් නිර්මාණය කිරීමට ද ඇයට අවස්ථාව උදා විය. 

 

සිය අවසන් විලාසිතා දැක්ම 2004 ජූලි මාසයේදී පැරිසිය මූලික කර ගනිමින් පැවැත්වූ Mori, වර්ෂ 2002 දී ප්‍රංශයේ වඩාත්ම කීර්තිමත් සැරසිලි සදහා වන නිලධර නිලය වූ Legion of Honor සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර වර්ෂ 1988 දී ජපන් රජය විසින් රටේ ශාස්ත්‍රීය හා කලාත්මක දියුණුව සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් වෙනුවෙන් පිරිනමනු ලබන දම් පැහැති රිබන් පදක්කමෙන් ද පිදුම් ලැබුවාය.

119 Views

Comments