ජපානයටම ආවේණික වූ Sushi ආහාර රටාව මත්ස්‍ය සහ එළවළු ආශ්රයෙන් විවිධාකාර කුලු බඩු සහ ස්වභාවික රසකාරක යොදාගෙන සකසන විවිධාකාර ආහාර ගණනාවකින් සමන්විතය.
විදෙස් සංචාරකයන් අනිවාර්යෙන්ම පිය නගන අවන්හල් වර්ගයක් ලෙස මෙම Sushi ya අවන්හල් දැක්විය හැකිය. ඇණවුම් කරන ලද මොහොතේම තමන් ඇණවුම් කරන ලද ආහාරය සකස් කරන ආකාරය පාරිභෝගිකයාට ම දැකබලා ගත හැකි වීම මෙම අවන්හල්වල විශේෂත්වයකි. මුහුදු මාලු සහ එළවළු පැළෑටි යොදාගෙන සාම්ප්‍රදායික ක්‍රම ගනනාවකට සකස් කරනු ලබන sushi ආහාර වලට විදේශිකයන් මහත් කැමැත්තක් දක්වන බව නොරහසකි. ටෝකියෝ අග නගරයේ පමණක් නොව වෙරළ බඩ ජපාන නගර බොහොමයක sushi ya අවන්හල් පිහිටා තිබේ.