දරුවන් බිය ගැන්වූ රතු හිසකෙස් සහිත 'Ogre' රකුසු කණ්‌ඩායම


කුඩා දරුවන්ට ආරක්ෂාව පතා wakayama ප්‍රාන්තයේදී වසර දෙකකට පසු උත්සවයක් පැවැත්වේ

.

බටහිර ජපානයේ Wakayama ප්‍රාන්තයේ Kudoyama හි පිහිටි Shiide Itsukushima  සිද්ධස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන "Shiide Oni-no-mai" (Shiide ogre dance) උත්සවය වසර දෙකකට පසු පළමු වරට රතු හිසකෙස් සහිත "Oni" නොහොත් "Orge" කණ්ඩායමේ සහභාගිත්වයෙන් පසුගිය අගෝස්තු 16 වන දින අද්විතීය අයුරින් පැවැති අතර කුඩා දරුවන්ගේ සෞඛ්‍යමත් වර්ධනය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් ඔවුන්ව බිය ගන්වමින් සහ හොඳ අස්වැන්නක් ඉල්ලා සිටීම වෙනුවෙන් යාඥා කරමින් මෙම ආශීර්වාදාත්මක උත්සවය පවත්වනු ලැබිණි.  

 

රකුසු වෙස් ගත් පුද්ගලයා විසින් රැගෙන යන පොල්ල ඇල්ලුවහොත් සහ ඔවුන්ට බිය වී ඇඩුවහොත් දරුවන් ශක්තිමත් ලෙස වැඩෙනු ඇති බවට ජනතාව අතර පුරාණ කාලයේ පටන් පැවැතඑන විශ්වාසයක් අනුව මෙම උත්සවය පැවැත්වෙන අතර තර්ජනාත්මක චරිතය කුඩා දරුවන් වෙත ළඟා වන විට බියට පත් දරුවන්ගේ කෑගැසීම් උත්සව භූමිය පුරා දෝංකාර දීම සිදුවිය .

 

අගෝස්තු 16 වෙනිදා සවස, "Kamishimo" ලෙස හැඳින්වෙන විධිමත් කිමෝනෝ ඇඳුමින් සැරසුණු පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු නළා සහ අනෙකුත් භාණ්ඩ අතැතිව,දේවාල භූමියට පැමිණ සිටි දරුවන් අසලට නටමින් ළඟා වූ අතර මීට පෙරදී නම් සාමාන්‍යයෙන්, රකුසා ළමයින් තම දෑතින් අල්ලාගෙන ඔවුන්ට පිඹිමින් බිය ගන්වන නමුත් මේ වසරේ, Corona වෛරසය පැතිරීම අවම කිරීම සඳහා, පොල්ලක් යොදාගනිමින් එය දුරස්ථව සිට සිදුකිරීමට පියවර ගෙන තිබිණි

136 Views

Comments