මරාගෙන මැරෙන බවට සැක කෙරෙන ඝාතනයකින් තිදෙනෙක් මියයයි.


Miyagi ප්‍රාන්තයේ නිවසකින් මළ සිරුරු තුනක් හමු වේ

.

73 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ 49 හැවිරිදි බිරිඳ සහ ඔහුගේ 70 හැවිරිදි සහෝදරයාගේ මළ සිරුරු මියාගි ප්‍රාන්තයේ ෂිචිගහමා ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එය මරාගෙන මැරෙන සියදිවි නසා ගැනීමක් බවට පොලිසිය සැකපළ කර ඇත. 

 

පොලිසියට පවසන පරිදි ඔවුන්ගේ මළ සිරුරු ඥාතියෙකු විසින් දහවල් 1 ට පමණ සොයා ගෙන ඇත. පොලිසිය පැවසුවේ දෙවන මහලේ ඔවුන්ගේ කාමරවලදී Masaru සහ Mitsuගේ ගෙල සිරකර මරා දමා ඇති අතර Ichie ගේ සිරුර නාන තටාකයේ තිබී සොයා ගත් බවයි. ඇගේ බෙල්ලේ සහ මැණික් කටුවෙහි පිහියෙන් ඇනුම් තුවාල තිබී ඇත.

 

අර්ධ කාලීන සේවිකාවක් වන ඉචී රෝගාතුරව සිටි ඇගේ සැමියාගේ සහ ඔහුගේ සහෝදරයාව බලාගෙන ඇත. ඇය සහෝදරයා හා තම සැමියා ඝාතනය කර පසුව ඇය විසින්ම සිය දිවි නසා ගෙන ඇතැයි පොලීසිය විසින් සැක පළ කර ඇත.

124 Views

Comments