බටහිර චීනය ගංවතුරින් දැඩි පීඩා විඳී.


චීනය ගංවතුරෙන් පීඩා විඳි

.

බටහිර චීනයේ හදිසි වැසි කුණාටු ඇති වී තිබෙන අතර ජනාකීර්ණ සහිත ප්‍රදේශවල හදිසි ගංවතුර ඇති වී ඇත. අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් 18 දෙනෙකු අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ.

 

පුද්ගලයින් 36 දෙනෙකු අතුරුදහන් වී ඇති බව කලින් වාර්තා කළ ගලවාගැනීම්කරුවන්, ඔවුන්ගෙන් 18 දෙනෙකු සවස් වන විට සොයාගෙන ඇති බව ප්‍රකාශ කර ඇත. බදාදා රාත්‍රියේ සිදුවූ මෙම ව්‍යසනයෙන් Qinghai පළාතේ ගම්මාන හයක 6,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් වූ බව සඳහන් වේ.

 

චීනය මෙම ග්‍රීෂ්ම සෘතුවේදී එරටේ ඇතැම් ප්‍රදේශවල අධික වර්ෂාවට සහ ගංවතුර තත්ත්වයන්ට මුහුණ දෙන අතර අනෙකුත් ප්‍රදේශවල අධික උණුසුම හා නියඟය යන දෙකටම මුහුණ දෙයි. වසර 60 කට පෙර වාර්තා තබා ගැනීම ආරම්භ කිරීමෙන් පසු ඇති වූ දරුණුතම උණුසුම සහ නියඟය ලෙස මෙය හදුන්වා දී ඇත

94 Views

Comments