COVID-19 වසංගතයේ හත්වන රැල්ල සමඟ පොරබදමින් සිටින ජපානය


ජපානයේ කොව්ඩ් ආසාදිතයන් තවදුරටත් වාර්තා වේ

.

අගෝස්තු 19 වන සිකුරාදා දින රට තුළින් වාර්තා වූ දෛනික Corona වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 260,000 සීමාව ඉක්මවා ගිය අතර එය අඛණ්ඩව දෙවන දිනටත් නව වාර්තාගත ඉහළ මට්ටමක පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. 

 

ජපානයේ බොන් ගිම්හාන නිවාඩු සමය අගෝස්තු මැද සිට ආරම්භ වීමත් සමඟ මිනිසුන්ගේ සංචරණයන් ප්‍රමාණය සාමාන්‍ය දිනවලට සාපේක්ෂව බෙහෙවින් වැඩි වී ඇති අතර මේ හේතුවෙන් රටේ ප්‍රාන්ත 47 න් 19 කම පෙර නොවූ විරූ අයුරින් ඉහළ දෛනික ආසාදන සංඛ්‍යාවක් වාර්තා කර තිබේ. 

 

මෙලෙස තහවුරු කර ගන්නා ලද නව රෝගීන්ගෙන් 27,676 දෙනෙකු Tokyo ප්‍රාන්තයෙන් ද , 22,798 දෙනෙකු Osaka ප්‍රාන්තයෙන් ද , 17,716 දෙනෙකු  Aichi ප්‍රාන්තයෙන් ද 15,726 දෙනෙකු Fukuoka ප්‍රාන්තයෙන් ද හදුනාගෙන තිබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සිකුරාදා දින දෛනික මරණ සංඛ්‍යාව 294 ක් වූ අතර, එය හයවන ආසාදන රැල්ල තුළ වාර්තා වූ දෛනික මරණ සංඛ්‍යාවේ මට්ටම අභිබවා ගොස් ඇති බව සඳහන් වේ.

162 Views

Comments