තම මහල් නිවාසයේදී කාන්තාවක් පහර කෑමකට ලක් වෙයි.


කාන්තාවක් තම නිවස තුලදී පහර කෑමට ලක්වේ

.

සිකුරාදා උදෑසන මියාගි ප්‍රාන්තයේ සෙන්ඩායි හි මහල් නිවාසයකට ඇතුළු වූ කාන්තාවක් එම මහල් නිවසේ පදිංචි 40 හැවිරිදි තවත් කාන්තාවකට පහර දී ඇත. පොලිසියට පවසන පරිදි සිද්ධිය අලුයම 1 ට පමණ සිදුවී ඇති අතර දෙවන මහලේ පිහිටි මහල් නිවාසයේ වින්දිතයා පොලිසියට පවසා ඇත්තේ අගුලු නොදැමූ බැල්කනියේ දොරෙන් මහල් නිවාසයට පැමිණි කාන්තාවක් තමා අවදි කළ බවයි.

 

පහරකෑමට ලක්වූ කාන්තාව පොලිසියට පවසා ඇත්තේ කාන්තාවගේ පැමිණීමට ඈ එරෙහි වීම නිසා තම මුහුණට පහර දී වම් අත පිහියකින් කපා දැමූ බවයි. අනවසරයෙන් ඇතුළු වූ එම කාන්තාව පිහිය බිම දමා පසුව දොරටුවේ දොර හරහා මහල් නිවාසයෙන් පිටව ගොස් ඇත. තනිව ජීවත් වන පහර කෑමට ලක් වූ කාන්තාව සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පවසා ඇත

104 Views

Comments