ටොයාමා ප්‍රාන්තයේ අවුරුදු 2ක පිරිමි ළමයෙක් අතුරුදහන් වෙයි.


ටොයෝමා ප්‍රාන්තයේ කුඩා පිරිමි දරුවකු අතුරුදහන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබෙයි

.

සෙනසුරාදා රාත්‍රියේ ටොයාමා ප්‍රාන්තයේ ටකාඕකා හි පිහිටි සිය නිවසින් පිටතට ගිය දෙහැවිරිදි පිරිමි ළමයෙකු අතුරුදහන් වී ඇත. රියොන් ටකාෂිමා නම් මෙම දරුවා සවස 6:45 ට පමණ පිටතට ගොස් ඇත. ඔහුගේ මව පවසා ඇත්තේ ඇය තම 4 හැවිරිදි දියණියගේ හිසකෙස් වියළන අතරතුර මිනිත්තු කිහිපයක් ඔහුගෙන් දෑස් ඉවතට ගත් බවත් පසුව ඔහු නැති වූ බවත්ය. නිවස සෝදිසි කිරීමෙන් පසු ඇය 110 ට කතා කර ඇත.

 

පොලිසිය සහ ගිනි නිවන භටයන් එදින රාත්‍රියේ නිවස අවට ප්‍රදේශය සෝදිසි කළ අතර ඉරිදා අලුයම 5 ට අවට සියලුම ප්‍රදේශය සෝදිසි කිරීම ආරම්භ කර ඇත. අතුරුදහන් වූ දරුවා සෙන්ටිමීටර 80 ක් පමණ උස, කොණ්ඩය කපා ඇති අතර අවසන් වරට නිවසේ දකින විට කොට කලිසමක් සහ sea blue පැහැති පිජාමා හැට්ටයක් ඇඳ සිට ඇත.

81 Views

Comments