Koshigaya, Saitama ප්‍රාන්ත පොලිසිය විසින් තම හිටපු තිස්තුන් හැවිරිදි පෙම්වතියට ඇයගේ නිවස තුළදී දරුණු පිහි ඇනුම් සිදුකර ඇතැයි සැකකරන විසිපස් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි Taiki Furukawa නම් මෙම පුද්ගලයා Ibaraki ප්‍රාන්තයේ වාසය කරන වෘත්තීය පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙකි. ඔහු සිදුකළ දරුණු පිහි ඇනුම් හේතුවෙන් Misaki Iwabuchi නම් අර්ධකාලීන රැකියාවක් කළ මෙම කාන්තාව ඇගේ නිවසේ දී මියගොස් ඇති අතර ඇගේ මව ඇය බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී මේ බව දැනගෙන ඇත.
පිහි ඇනුම් සිදුකිරීමෙන් පසුව Taiki Furukawa අසල පොලිස් කුලුනට ගොස් ඔහු එලෙස සිදු කළා යැයි පවසා ඇති අතර පොලිසියේ පැමිණ අදාළ කාන්තාව රෝහලට රැගෙන යන අතරතුරදීම ඇය මිය ගොස් තිබිණ. Misaki Iwabuchi නම් පුද්ගලයා විසින් ඇගේ කුසට කිහිප වතාවක්ම පිළිගැනුම් සිදුකර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.