දරුණු පිහි ඇනුම් සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


Koshigaya, Saitama  ප්‍රාන්ත  පොලිසිය විසින් තම හිටපු තිස්තුන් හැවිරිදි පෙම්වතියට ඇයගේ නිවස තුළදී දරුණු පිහි

.

Koshigaya, Saitama  ප්‍රාන්ත  පොලිසිය විසින් තම හිටපු තිස්තුන් හැවිරිදි පෙම්වතියට ඇයගේ නිවස තුළදී දරුණු පිහි ඇනුම් සිදුකර ඇතැයි සැකකරන  විසිපස් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය  පවසන පරිදි  Taiki Furukawa නම්  මෙම පුද්ගලයා Ibaraki ප්‍රාන්තයේ වාසය කරන වෘත්තීය පාසලක අධ්‍යාපනය ලබන සිසුවෙකි. ඔහු  සිදුකළ  දරුණු පිහි ඇනුම් හේතුවෙන්  Misaki Iwabuchi නම්  අර්ධකාලීන රැකියාවක් කළ මෙම කාන්තාව ඇගේ නිවසේ දී මියගොස් ඇති අතර ඇගේ මව ඇය බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී  මේ බව දැනගෙන ඇත.

 

පිහි ඇනුම්  සිදුකිරීමෙන් පසුව Taiki Furukawa අසල පොලිස් කුලුනට ගොස් ඔහු එලෙස සිදු කළා යැයි පවසා ඇති අතර පොලිසියේ පැමිණ අදාළ කාන්තාව  රෝහලට රැගෙන යන අතරතුරදීම  ඇය මිය ගොස් තිබිණ. Misaki Iwabuchi නම් පුද්ගලයා විසින්  ඇගේ කුසට කිහිප වතාවක්ම පිළිගැනුම් සිදුකර තිබූ බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

274 Views

Comments