තම පෙම්වතියට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයෙක් අත්අඩංගුවට.


තම පෙම්වතියට මරණ තර්ජන කළ පුද්ගලයකු අත්අඩංගුවට ගනියි

.

30 හැවිරිදි තම පෙම්වතියට මරණීය තර්ජන එල්ල කළ බවට සැකපිට 30 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හොකයිඩෝ හි චිටෝස් ප්‍රදේශයේ පොලිසිය පවසා ඇත.

 

පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ සිකුරාදා පෙරවරු 11 ට පමණය. සැකකරු එම කාන්තාවගේ මහල් නිවාසයට පැමිණ පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර ඇත. සැකකරුට කිසිවක් කිරීමට පෙර 110 අංකයට කතා කිරීමට කාන්තාව සමත් වී ඇත. මරණ තර්ජනය කිරීමට හේතුව ලෙස තම පෙම්වතිය තමාට ද්‍රෝහිකම් කරන බවට තමා සැක කරන බව එම පුද්ගලයා පොලීසියට පවසා ඇත

146 Views

Comments