ජපානයේ අලුත උපන් බිළිඳුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටවූ Baby Hatch


ජපානයේ අලුත් අලුත උපන් බිළිඳුන් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

.

නිරිතදිග ජපානයේ Kumamoto නගරයේ Jikei නම් වූ රෝහල විසින් හදා වඩා ගැනීමට නොහැකි ළදරුවන් අතහැර දැමීම හා මරාදැමීම අවම කිරීම වෙනුවෙන් දෙමාපියන්ට හදුන්වා දුන් "නිර්නාමික Baby Hatch" නම් සංකල්පයේ 15 වන සංවත්සරය සැමරීමට දිනකට පෙර මැයි 9 වන සදුදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ වෙනුවෙන් මුලපිරීමේ වැදගත්කම නැවත වතාවක් අවධාරනය කොට තිබේ. 

 

"ඇතැමෙක් දරුවන්ට ඔවුන්ගේ සම්භවය දැන ගැනීමට ඇති අයිතිය නැතිවී යාම නිසා මෙය හෑල්ලුවට ලක් කරයි. නමුත් පුද්ගලයෙකුගේ සම්භවයට වඩා ඔහුගේ ජීවිතය වැදගත්ය. ජපානයේ වසරකට ළදරුවන් අතහැර දැමීමේ හෝ මරා දැමීමේ සිද්ධීන් 20 ක් පමණ සිදුවන අතර, එවැනි සිද්ධීන් එකකින් හෝ අඩු කිරීමට අපට අවශ්‍ය වේ" යනුවෙන් රෝහලේ අධ්‍යක්ෂ Takeshi Hasuda පැවැසීය. 

 

"ළදරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා සහාය වීම වෙනුවෙන් 2007 වසරේදී Baby Hatch නිර්මාණය කලා. මෙය සිදු වන්නේ ඇයි සහ Konotori no Yurikago අවශ්‍ය වන්නේ ඇයි යන්න පිළිබඳව සහ එයට හේතුව ජනතාව තේරුම් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා" යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දක්‌වමින් පැවැසීය.

146 Views

Comments