නාය යෑමේ අවදානමට ලක්වූ ජපානයේ Ishikawa ප්‍රාන්තය 


Ishikawa ප්‍රාන්තයට නායයෑමේ අවදානම් නිකුත් කරයි

.

මේ දිනවල ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් Ishikawa ප්‍රාන්තයේ Nanao සහ Shika යන නාගරික ප්‍රදේශ තුළ නායයෑමේ ඉහළ අවදානමක් මතුව ඇති බැවින් අගෝස්තු 20 දින වනවිට 20,000 කට අධික පදිංචිකරුවන් පිරිසකට තම නවාතැන් මධ්‍යස්ථාන වෙතින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා පිටත්ව යන ලෙසට  නාගරික රජයන් විසින් නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ. 

 

ජපාන මුහුදේ පිහිටි මෙම ප්‍රාන්තයේ මහ නගර සභා විසින් අද දින සවස 3 වන විට දැඩි  නාය යෑමේ අවදානමක් පවතින බවට හඳුනාගත් දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් 20,113 කින් සමන්විත නිවාස 8,474 කට මෙලෙස නියෝග නිකුත් කර ඇති අතර මෙම ඉවත් කිරීමේ නියෝගය ජපානයේ ආපදා අනතුරු ඇඟවීමේ මට්ටම් පහෙන් දෙවන ඉහළම නියෝගය බව පැවැසේ. 

 

එනිසා අනතුරුදායක ස්ථානවල සිටින සියලු පුරවැසියන්ගෙන් හැකි ඉක්මනින් ඉවත්ව යන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

107 Views

Comments