අද දින උදෑසන 10.15 ට පමණ මධ්‍යම ජපානයේ Nagoya ප්‍රාන්ත අධිවේගී මාර්ගයේ Toyoyama-Minami අන්තර් හුවමාරුව ආසන්නයේදී මෝටර් රථයක් බස් රථයක් එකිනෙක ගැටී ඇති අතර එහිදී පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් සදහන් කළේය.
Aichi ප්‍රාන්ත පොලිසිය සහ Nagoya ගිනි නිවන දෙපාර්තමේන්තුව මෙහිදී කියා සිටියේ අනතුර හේතුවෙන් බස් රථය පෙරළී ගිනිගෙන ඇති බවයි.
බස් රථය Nagoya දුම්රිය ස්ථානයේ සිට Nagoya ගුවන් තොටුපළ වෙත ගමන් කරමින් සිට ඇති අතර අනතුරට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැති බව පැවැසේ.