ඉබරකි ප්‍රාන්තයේ පිහිටි නැගෙනහිර ජපාන නගරයක වෙරළ තීරයක ගිලෙමින් සිටියදී තම පුතාව සහ තවත් දරුවෙකු බේරා ගැනීමට පුද්ගලයෙකු උත්සාහ කරමින් සිටියදී ඔහු මුහුදේ ගිලී මිය ගොස් ඇත.
සුචිපුහි පදිංචිකරුවන් වන වයස අවුරුදු 13 සහ 9 යන පිරිමි ළමුන් දෙදෙනා අසල පිහිටි වෙරළ තීරයේ 11.45 පමණ පිහිනමින් සිට ඇත. 55 හැවිරිදි බ්‍රසීලියානු ජාතිකයෙකු වන ඔකිනෝ දරුවන් බේරා ගැනීමට උත්සාහ කළ නමුත් ඔහුව රැල්ලක් සමඟ ගහගෙන ගොස් ඇත. සිහිසුන්ව සිටි ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත. පිරිමි ළමයින් දෙදෙනාට සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වී ඇත.