ජපාන වෙළෙඳසැලක් ගිම්හාන තාපයට දිය නොවන අයිස්ක්‍රීම් හදුන්වා දෙයි


තාපය හේතුවෙන් ඉක්මනින් දිය නොවන අයිස් ක්‍රීම් වර්ගයක් ජපාන වෙළෙඳ පොළක් හඳුන්වා දෙයි

.

මධ්‍යම ජපානයේ Niigata ප්‍රාන්තයේ Tainai නගරයේ පිහිටා ඇති පැණිරස බෝංචි බනිස් සඳහා ඉමහත් ප්‍රසිද්ධියකට පත්ව සිටින Kinoto-Manjuya වෙළඳසැලේ කාර්ය මණ්ඩලය විසින් ගිම්හාන තාපය තුළදී විනාඩි 30 ක පමණ කාලයක් එහි ස්වරූපය නොවෙනස්ව තබා ගන්නා , පහසුවෙන් දිය නොවන අයිස්ක්‍රීම් බාර් විශේෂයක් හදුන්වා දී ඇති අතර ජුනි මස අගදී මෙම අයිස්ක්‍රීම් බාර් එක පිලිබදව දැක්වෙන වීඩියෝවක් මුල් වරට TikTok හි පළ කිරීමෙන් පසුව එය ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති බව වාර්තා වේ . 

 

අයිස්ක්‍රීම් නිෂ්පාදන පසුගිය සරත් සෘතුවේ සිට අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර "Ottegi අයිස්ක්‍රීම්" විඩියෝවට නැරඹුම් වාර 110,000කට වැඩි ජනප්‍රියත්වයක් හිමිව තිබේ. උණුසුම් කාලගුණය තුළ අයිස්ක්‍රීම් බාර් එකක් ගබඩාවෙන් පිටව යන ආකාරය එයින් පෙන්නුම් කළ අතර එතැන් සිට සති අන්තයේදී දිනකට අයිස්ක්‍රීම් බාර් 100 කට වඩා අලෙවි වී ඇති බව පැවැසේ . 

 

Tainai ප්‍රදේශයේ නිෂ්පාදිනය කරනු ලබන සහල් පිටි සහ Murakami ප්‍රදේශයේ නිෂ්පාදනය කරනු ලබන "Koji" භාවිතා කරමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරනු ලබන අතර එහි දියවීමට ඇති ප්‍රතිරෝධයේ රහස නම් රසකැවිලි සිසිල් වීමට පෙර නිෂ්පාදනයේ අවසාන අදියරේදී සහල් පිටි එකතු කිරීමයි. "Ottegi" දේශීය උපභාෂාවෙන් "Otsukaresama" ලෙස හැඳින්වෙන අතර "ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා ස්තූතියි" යන්න එහි අරුත වේ. 

 

වෙළඳසැලේ අයිස්ක්‍රීම් භාරව සිටින 28 හැවිරිදි Keisuke Kuse මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේ “අපිට අවශ්‍ය වන්නේ මිනිසුන්ට ඓතිහාසික නගර දර්ශනය භුක්ති විඳිමින් සිසිල් බවක් දැනීමයි” යනුවෙනි. 

 

වෙළඳසැල විසින් පළ කරන ලද TikTok වීඩියෝව https://www.tiktok.com/@kinotomanjuya/video/7110797526130887937 සබැඳිය වෙත පිවිසීමෙන් නැරඹිය හැකි වේ.

172 Views

Comments