බස් රථයක් තුළ සිදුවීමට ගිය අනතුරක් වැළැක්වූ සිව් දෙනෙකුට පොලිසිය ස්තුති කරයි.


බස් රථයක් තුල සිදුවීමට ගිය අනතුර වැලැක්වූ පුද්ගලයනට පොලිසිය ස්තූති කරයි

.

ටෝකියෝ නගරයට උතුරින් පිහිටි නගරයක බස් රථයක් තුළ පිහියක් තිබූ පුද්ගලයෙකු යටත් කර බරපතල සිදුවීමක් වැලැක්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකුට පොලිසිය විසින් ස්තූති කර ඇත. සයිටම් ප්‍රාන්ත පොලිසියේ කවාගුචි පොලිස් ස්ථානය විසින් මෙම පුද්ගලයන්ට කෘතඥතා ලිපියක් අගෝස්තු 23 දින ඉදිරිපත් කර ඇත.

 

පොලිස් ස්ථානය සඳහන් කරන පරිදි අගෝස්තු 5 වැනිදා රාත්‍රියේ ඔවුන් සියල්ලෝම නිෂි-කවගුචි දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවූ අතර එහිදී සැක කටයුතු පුද්ගලයෙකු පිහියක් අතැතිව අසුනක හිඳ සිටිනවා දැක ඇත. ඉන් අනතුරුව එම පුදගලයාට නොදැනෙන පරිදි එම වාහනය නවත්වා ඔවුන් පොලීසියට කතා කොට ඇත.

 

ඉන් විනාඩි 20කට පමණ පසු එම ස්ථානයට පැමිණි පොලිසිය කඩු හා ගිනි අවි පාලන නීතිය උල්ලංඝනය කළ බවට සැකපිට එම ස්ථානයේදීම පිහි දරමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මගීන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව වාර්තා වී ඇත.

87 Views

Comments