ලොව පුරා ලැව් ගිනි වඩාත් නරක අතට


පසුගියදා නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනුව ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යෑමෙන් ලෝ පුරා ඇතිවන

.

පසුගියදා නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනුව ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යෑමෙන් ලෝ පුරා ඇතිවන ලැව්ගිනි තත්වයන් ඉදිරි වසර 10 තුළ දී වඩාත් නරක අතට හැරිය හැකි බව ප්‍රකාශ කර තිබේ. ලොවපුරා රටවල් වල රජයන් මෙම තත්ත්වයන්ට නිසි ලෙස මුහුණ දීමට සූදානම් නොවුවහොත් එම ලැව්ගිනි නිසා ඇතිවන දුමාරයෙන් දරුණු වායු දූෂණයක් සිදු වීමත් ඒ හේතුවෙන්ම මහජනතාවට විශාල සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට සිදුවීමත් නොවැළැක්විය හැකි වන බව තවදුරටත් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වේ.

 

බොහෝ රාජ්‍යයන් ලැව්ගිනි ඇති වීමෙන් පසු ඒවා නිවා දැමීමට අත්‍යන්ත කාලයක්, පරිශ්‍රමයක් සහ මුදල් වැය කරන නමුත් එම ව්‍යසනයන් ඇති වීමට ප්‍රථම වළක්වා ගැනීමට හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිලිමත් වීම බොහෝ සෙයින් අඩුවීම ඉතා කනගාටුවට කාරණයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන්ගේ උපදෙස් පරිදි මෙම ව්‍යසනයක් වළක්වා ගැනීමට රාජ්‍යයන් කටයුතු කරන්නේ නම් ඉදිරි වසර කිහිපය තුළදී ඇතිවිය හැකි රුදුරු වියසනයක් වළක්වාගත හැකි වෙතැයි ඔවුන් ලෝ පුරා රාජ්‍යයන්ට අනතුරු අඟවා තිබේ.

 

168 Views

Comments