23 හැවිරිදි තරුණියකගේ මරණයට සැක පිට ඇගේ හිටපු පෙම්වතා වන 42 හැවිරිදි පුද්ගලයකු Koganei, Tokyo පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ආරංචිමාර්ග වලට අනුව Ippei Maruyama නම් මෙම සමාගම් සේවකයා Rena Yonemaru නම් තරුණියව පසුගිය බ්‍රහස්පතින්දා ඇයගේ නිවසේ දී මරණයට පත් කර ඇත.ඔහු මේ බව නිවසට පැමිණ තම බිරිඳට පවසා ඇති අතර ඇය සිකුරාදා දින පෙරවරු 12:30 ට පමණ මේ බව පොලිසියට සැලකර ඇත. පොලිසිය ඇයගේ නිවසට පැමිණ ඇයව රෝහල් ගත කර තිබූ නමුත් එහිදී ඇය මරණයට පත්වී තිබිණි.එම තරුණියගේ මුහුණේ සීරීම් තුවාල මෙන්ම ගෙල ප්‍රදේශයේ ගෙල සිරකර ඝාතනය කිරීමට තැත් කළ බව හැඟවෙන සලකුණු දැක ගැනීමට තිබී ඇත.
Ippei Maruyama විසින් මෙම මරණය සිදුකළ බව පිළිගෙන ඇති අතර ඇය හා තිබූ සම්බන්ධය නැවත අලුත් කර ගැනීමට ඇයගේ නිවසට ගිය අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමක් නිසාමෙම සිදුවීම සිදු වූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබිණ.