රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වීමත් සමඟ තම මව් රටින් පලා විත් ජපානයේ රැදී සිටින යුක්රේනියානු වැසියන් විසින්, අගෝස්තු 24 දිනට ප්‍රහාර ආරම්භ වී මාස හයක් පිරීම නිමිත්තෙන් ආක්‍රමණයෙන් විපතට පත් වූවන් සහ මරණයට පත්වූ සියලු දෙනා සිහිපත් කරමින් Tokyo අගනුවර JR Shibuya දුම්රිය ස්ථානය ඉදිරිපිට මොහොතක නිශ්ශබ්දතාවයක් පවත්වා තිබේ .
ආක්‍රමණය ආරම්භ වූ මුල් කාලයේදීම ජපානයේ වාසය කළ යුක්රේනියානුවන් සහ අනෙකුත් ජපාන වැසියන් විසින් ආරම්භ කරන ලද "Stand With Ukraine Japan" විසින් මෙම අනුස්මරණ අවස්ථාව සංවිධානය කර තිබූ අතර 70 දෙනෙකුගෙන් පමණ සමන්විතව සිටි කණ්ඩායම විසින් යුද්ධයට විරුද්ධ වන ලෙස ධජ සහ පුවරු ඔසවාගෙන සාමය ප්‍රාර්ථනා කළහ.
පැරණි සෝවියට් සංගමයෙන් යුක්රේනය නිදහස් වීමේ සංවත්සරය සනිටුහන් කෙරෙන දිනය ලෙස අගෝස්තු 24 දිනය හැඳින්වෙන අතර මෙම අවස්ථාවට සහභාගි වූ, සීමාවාසික පුහුණුවක් සදහා ජපානයේ රැදී සිටින Mariupol හි 25 හැවිරිදි කාන්තාවක් කියා සිටියේ "මගේ මව් රටේ, රුසියානු ප්‍රහාර වළක්වා ගැනීම සඳහා අපට කිසිදු අනුස්මරණයක් හෝ ප්‍රාර්ථනා සහිත උත්සවයක් පැවැත්විය නොහැක. එබැවින් මට මෙහි සහභාගී වීමට අවශ්‍ය විය. යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි " යනුවෙනි.