යුද්ධය සම්බන්ධයෙන් හිටපු LDP ප්‍රධානියා අදහස් දක්වයි


Makota Koga යුද්ධය පිළිබඳව ඔහුගේ අදහස ප්‍රකාශ කරයි

.

පසුගියදා Fukuoka ප්‍රාන්තයේ Omuta නගරයේ ප්‍රාදේශීය සිවිල් සංවිධානයක 50 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති උත්සවයකදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු මහලේකම් Makoto Koga කියා සිටියේ ජපානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය යටතේ යුධ ප්‍රතික්ෂේප කිරීම අඛණ්‌ඩව පවත්වා ගත යුතු බවයි.

 

LDP නීති සම්පාදකයින් සහ ජපානයේ පශ්චාත් යුධ ව්‍යවස්ථාව සුරැකීමට සහාය දක්වන 9 වැනි වගන්තියේ සාමාජිකයින් ඇතුළුව ප්‍රේක්ෂකයින් 270 දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටි අතර "දෙවන ලෝක යුද්ධය අවසන් වී ගතවූ වසර 77ක කාලය තුළ ජපානය යුද්ධයකට ඇදගෙන ගොස් නැති බව සත්‍යයකි. එනිසාවෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අත් නොහැරිය යුතුය" යනුවෙන් 82 හැවිරිදි විශ්‍රාමික දේශපාලනඥයා මෙහිදී කියා සිටියේය. 

 

පිලිපීනයේ Leyte දූපතේ සිදුවූ පැසිෆික් යුද්ධයෙන් Koga හට ඔහුගේ පියා අහිමි වූ අතර,ඔහු විසින් "Kenpo 9-jo wa Sekai " (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ලෝක උරුමයකි) නමින් පොතක් ප්‍රකාශයට පත් කර තිබේ .

 

124 Views

Comments