කිසිදු මූලික රෝග ලක්ෂණයක් නොමැතිව Osaka ප්‍රාන්තයේ දැරියක මරණයට පත්වෙයි


කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා දැරියක් කොවිඩ් හේතුවෙන් මරණයට පත්වේ

.

පෙර සිට පැවත එන මූලික රෝග ලක්ෂණ හෝ අසාධ්‍ය සෞඛ්‍ය තත්වයන් නොමැති වයස අවුරුදු 10 - 19 වයස් කාණ්ඩයට අයත්  COVID-19 රෝගියෙකු අගෝස්තු 21 වන දින මිය ගිය බව Osaka ප්‍රාන්ත රජය අගෝස්තු 25 වන බ්‍රහස්පතින්දා දින නිවේදනය කළේය. 

 

නමුත් ප්‍රාන්ත රජය මරණය සම්බන්ධ කිසිදු පෞද්ගලික තොරතුරක් මාධ්‍ය වෙත හෙළි නොකිරීමට පියවර ගෙන තිබූ අතර, දැරිය නිවසේ හෝ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැදී සිටියදී මිය ගොස් නොමැති බව තහවුරු වී ඇත. 

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වාර්තා වලට අනුව වැඩිහිටි පුරවැසියන් අතුරින් වැඩිම COVID-19 මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අගෝස්තු 23 දින වන විට,COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වූ වයස අවුරුදු 10 ත් 19 ත් අතර රෝගීන් 11 දෙනෙකුගේ සහ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 15 දෙනෙකුගේ මරණ අමාත්‍යාංශය මගින් තහවුරු කර තිබේ .

105 Views

Comments